සුදු මල් පියුම අප අතරින් වෙන්ව ගියා
කොහොමද ඉන්නෙ නුබ අපගෙන් අරන් ගියා
හදවත පලා යයි අපගේ දුකද කියා
නිවසම අදුරු කරවා ඔබ යන්න ගියා
දල්වා තිබුන මිනි පහනක් ලෙස නිවස
ආලෝකයක් තිබුණා ඔබ සිටි දවස
මරුවා සමග යාමෙන් අද මෙම පෙදෙස
පාළුයි අහෝ අදුරුයි වාවනු කෙලෙස
ඇතිවන සියලු දේ මේ ලෙස නැති වෙනවා
සම්බුදු පියානෝ මේ ලෙස පවසනවා
අප සැම දෙනාටම මේ දෙය සිදුවෙනවා
අජරාමර නිවන් ඔබ හට අත් වෙනවා
ගිහාන් ගුරුගේ සොයුර ඔබට නිවන් සුව..!!
2010.08.06
හොඳ බ්ලොග් එකක් ....මට කියවද්දි හම්බුණේ...අද මම හැම බ්ලොග් එකක්ම කියවනව......එස් බී යූ සින්ඩියෙ තිබෙන....එතකොටයි දන්නෙ මෙතන මරණයක් වග
ReplyDelete