Tuesday, June 22, 2010

..:: දියනියකගෙන් මගේ තාත්තට ::..

නිමක් නැති ආදරයක්, 
කදුලු කැට ඇහිරෙමින්
ඔබ දෙපා නමදින්න
අවසරයි මට පියතුමනි
විඩාබරම විඩාබර හදවතට
පැන් පොදක් වෙමින් ඔබ
මා නමින් එලිය කරන්නට
ඒ නමින් පදනමක් දමන්නට
ඔබ මට අමා වැස්සකි පියතුමනි
සකල ලොව එලිය කල
පින් කෙතක බල මහිම
හදවතෙහි හොවාගෙන ගෙනයන මේ ගමනේ
ඔබ මට හමුවුයේ කිමද මා නොදනිමි පියාණනි
නමුදු ඔබ මා හදෙහි මිණි පහනවි
හෙට මා දෙනෙතින් මෙ ලොව කල එලිය කරවන්නට
ඔබ දරණ තැන අපමණය කියා මා දනිමි පියතුමණි
ඔබ නමින් ඉපදුනා වු ඒ ආදරය සෙනෙහස
අපමණකැයි කියා පමණක් මා දනිමි පියතුමණි
පෙර පිනක බල මහිම දෝතට ‍රැගෙන
අද ඔබ ලෙයින් නොඉපදුනද දියණියක
වන්නට මා කල පෙර පින කිමද මා නොදනිමි
ඔබ සෙනෙහසක් අපමණකැයි ගෙවන්නට ජිවිතය
පන්නරය ලබන්නට හෙට ඔබ මට විශ්වයටත්
වඩා වටි මගෙ දයාබර පියතුමණි

කාශ්‍යපපුර ප්‍රියදර්ශනී කුමාරි රත්නායක

4 comments:

  1. only sold out of the items I purchased.

    ReplyDelete
  2. In the next few days the remaining items that I put on there will expire……

    ReplyDelete
  3. I'll either wait for a free listing day and relist with a few more of the items I have

    ReplyDelete
  4. a lower price than before or with no reserve and see how they go.

    ReplyDelete