Saturday, May 8, 2010

..:: මගේ අම්ම වගේ ::..

"ආදරය කියනේ හදවතක ඉබේ පහල වන දෙයක්, අපි ඒක් කරනව කියල ලෝකයාට පෙන්වන්න ඔනේ නැ.. ආදරය කියන්නේ ජිවිත කාලයම හිත ඇතුලෙන් කරන භාවනාවක්.."

එහෙම කියල මම කියවපු නවකතා පොතක තිබුණා. පොතේ නම "භාවනාව".. මමත් කලින නවකතා කියවපු කෙනෙක නෙමෙයි, මටත් පුරුදු කරේ මගේ හිතවත්ම අක්ක කෙනෙක්. හැබැයි ජිවිතය කියන්නේ නවකතාවක් නෙමෙයි කියල එයාමයි මට කියල දුන්නේ.. එයා මගෙ ජිවිතයේ සමහර දේවල් වෙනස් කරා (එයා නිසා වෙනස් උනා වෙන්නත් පුලුවන්), නරකට නෙමෙයි හොද පැත්තට, හරියට මගේ අම්ම වගේ.. ඒ වගෙ අය හැමදාම අපිත් එක්ක ඉන්නවනම් අපේ ජිවිත ගොඩක් ලස්සන වෙයි නේද..? ඒ වගේම එයලගේ ජිවිතත් ඉටත් වැඩිය ලස්සන වෙන්න කියල මම හැමදාම ප්‍රාර්තනා කරනව..

ඇත්තටම මම බ්ලොග් ලියන්න අලුතින් එක් උන කෙනෙක්, එත් මම මෙකට ගොඩාක් කැමතියි.. මොකද වක්කඩේ කැඩුව වගෙ අපේ හිතේ තියන ඔක්කොම දේවල් නිදහසේ ලියන්න පුලුවන් නිසා..


2010 අප්‍රෙල් 09 වෙනිද ලෝක මවු වරුන්ගේ දිනය තිබුනේ එද පොස්ට් එකක් දානන් බැරිඋන එකට ගොඩක් දුකයි.. "මගේ අම්ම තමයි ලෝකේ ඉන්න හොදම අම්ම", හැමෝම හිතන්නේ එහෙම නේද? අපේ අම්ම ඉටත් වැඩිය හොදයි.. දසමාසයක් කුසේ තියාගෙන දුක වින්දට වැඩිය දුක් විදින්නැති මේ අවුරුදු 22 හදන්න.. අම්මේ මම අම්මට ගොඩක් අදරේයි.. එක මම මුලු ලොකේටම කැගහල කියනව.. 

4 comments:

  1. Two children were acting up in a rowdy manner,

    ReplyDelete
  2. here dually chastised the two children.

    ReplyDelete
  3. It now transpires this was also known to the two and was related by parentage

    ReplyDelete
  4. Thank god there was an Off duty policeman around who with quick thinking and bravery

    ReplyDelete