Monday, May 17, 2010

..:: මගේ තාත්ත ::..


(මට වයස අවුරුදු 4 දි..)
මගේ තාත්තට මේ ලෝකේ ඔනම දෙයක් කරන්න පුලුවන්.. දන්නවද..??

(මට වයස අවුරුදු 5 දි..)
මගේ තාත්තනම් ඕන දෙයක් දන්නව..

(වයස අවුරුදු 6 දි..)
ඔගොල්ලන්ගෙ තාත්ත වගේ නෙමේයි, අපේ තාත්ත හරිම දක්ෂයි. එයා හරි උසස් කෙනෙක්..

(වයස අවුරුදු 8 දි..)
අපේ තාත්ත හැම දෙයක් ගැනම හරියටම දන්නැ වගේ මට හිතෙන්නේ..

(වයස අවුරුදු 10 දි..)
අපේ තාත්තලගේ කාලේ මේ හැම දෙයක්ම දැන් වගේ දියුණු නැ..

(වයස අවුරුදු 12 දි..)
අපෝ !! එක අමුතු දෙයක් දැයි.. තාත්තට ඒව මුකුත් තේරෙන්නැ. එයට දැන් එයාගෙ පුංචිකාලේ මතකවත් නැතුව ඇති..

(වයස අවුරුදු 14 දි..)
එයව ගනන් ගන්න එපා මචං, එයාට හණමිටි අදහස් තියෙන්නේ..

(වයස අවුරුදු 21 දි..)
අපේ තාත්ත, එයා පිස්සුවෙන් දොඩවන්නේ, දැන් කාලේ ඒ පිස්සු ගැලපෙන්නැ..

(වයස අවුරුදු 25 දි..)
තාත්ත ටිකක් විතර ඒ ගැන දන්නව. මොකද එයා හුගක් කල් එවත් එක්ක වැඩ කලානේ..

(වයස අවුරුදු 30 දි..)
තාත්තගෙන් ඇහුවොත් හොදයි වගේ.. මොනව උනත් තාත්තට හුගක් අත්දැකිම් තියනවනේ..

(වයස අවුරුදු 35 දි..)
අපෝ.. මමනම් ඔය වැඩේට අතගහන්නැ, තාත්තගෙන් අහල බලල මිසක්..

(වයස අවුරුදු 40 දි..)
මට හිතාගන්න බැහැ තාත්ත කොහොමද මේවට මුහුණ දුන්නෙ කියල.. තාත්ත හරිම කල්පාකාරි කෙනෙක්නේ.. ඔන ප්‍රශ්ණයක් විසදන නිවැරදිම විදිහ තාත්ත දන්නව..

(වයස අවුරුදු 50 දි..)
තාත්ත හිටියනම් දෙයියනේ..!!

7 comments:

  1. ඇත්තම ඇත්ත මේක තමයි. ඒ ඒ වයසෙදි ළමයි දෙමාපියන් ගැන සිතන ආකාරය මම හිතන්නෙ මේක අපි කොයි කාටත් පොදුයි කියල

    ReplyDelete
  2. මාත් හිතනව, හිනා ගියා වුනත් මේක ඇත්තයි කියල.

    ReplyDelete
  3. ඇත්ත. දරුවන්ට දෙමව්පියන්ගෙ අගේ තේරෙන් කොට ඒ අය දරුවෝ ලඟ නැහැ.

    ReplyDelete
  4. We have to do more to protect children from these very dangerous individuals

    ReplyDelete
  5. what is the government doing……

    ReplyDelete
  6. why wont they do more to protect children from these evil fiends.

    ReplyDelete
  7. I just don't know how anyone can sleep safe at night.

    ReplyDelete