ඉවසන දනා රැපු යුදයට ජයකොඩිය, එ කිවු එකාගෙ කට කැවත් මදිය, ඉක්මන් උන එකා ලග ඉහටත් වැඩිය, කෙල්ලෙක් නැතිව මම තාමත් තනිකඩය....
Monday, August 16, 2010
අප හද තුලින් වාන් දමනා සෝ සුසුම් ධාරාවයි මේ..!!
කොහොමද ඉන්නෙ නුබ අපගෙන් අරන් ගියා
හදවත පලා යයි අපගේ දුකද කියා
නිවසම අදුරු කරවා ඔබ යන්න ගියා
දල්වා තිබුන මිනි පහනක් ලෙස නිවස
ආලෝකයක් තිබුණා ඔබ සිටි දවස
මරුවා සමග යාමෙන් අද මෙම පෙදෙස
පාළුයි අහෝ අදුරුයි වාවනු කෙලෙස
ඇතිවන සියලු දේ මේ ලෙස නැති වෙනවා
සම්බුදු පියානෝ මේ ලෙස පවසනවා
අප සැම දෙනාටම මේ දෙය සිදුවෙනවා
අජරාමර නිවන් ඔබ හට අත් වෙනවා
ගිහාන් ගුරුගේ සොයුර ඔබට නිවන් සුව..!!
2010.08.06
Monday, July 26, 2010
..:: මට සුභ උපන්දිනයක් වේවා ::..

එකත් හරි.. ඔන්න මම වෙනසකටත් එක්ක බ්ලොග් එකත් ටිකක් වෙනස් කරා..
අද කරන්න වැඩ ගොඩාක් හිතන් හිටිය. එත් එකක්වත් කරන්න බැරිවෙයි වගේ. එක වැඩක්නම් කරා.. එ තමයි පොස්ට් එකක් දාන එක..
එහෙනම් මම කට්ටියටම ජය වේවා..!!
හෙට බ්ලොග් එකේ සෙට් එකට party යක් දෙනව.. කට්ටියම එන්න ඔනා...
Thursday, July 22, 2010
Saturday, July 10, 2010
..:: එච්.ආර්. ජොතිපාල ::..
අප කවුරුත් ජොති යන ආදර නාමයෙන් හදුන්වන එච්.ආර්. ජොතිපාල ගායකයාණන් සුරතලි චිට්ත්රපටියෙන් ''සිරියාමේ සාරා' ගිතය ගායනා කරමින් ගායන දිවියට පිවිස එතැන් පටන් සිය ගනනක් ගී ගයා රසික සිත් අමන්දානන්දයට පත් කලේය. ජිවත්ව සිටියදි චිත්‍රපට හා කැසට් ශේස්ත්‍රයන් විජයග්රහනය කල ජොති වත්මන්හි පවා කැසට් ශේස්ත්‍රය තුල වාර්තාගත ජනප්‍රියත්වයක් පෙන්නුම් කොට ඇත. දශක කිපයක් හා අදටත් ජනප්‍රිය ජොති 1987 ජුලි මස 7 දින අපෙන් සමුගති...
Tuesday, June 22, 2010
..:: FIFA WORLD CUP 2010 තේමා ගීතය ::..
See the champions, take the field now, you define us, make us feel proud
In the streets are, exaliftin , as we lose our inhabition,
Celebration its around us, every nation, all around us
Singin forever young, singin songs underneath that sun
Lets rejoice in the beautiful game.
And together at the end of the day.
WE ALL SAY
When I get older I will be stronger
They’ll call me freedom Just like a wavin’ flag
And then it goes back
And then it goes back
And then it goes back
When I get older I will be stronger
They’ll call me freedom
Just like a wavin’ flag
And then it goes back
And then it goes back
And then it goes
Oooooooooooooh woooooooooohh hohoho
Give you freedom, give you fire, give you reason, take you higher
See the champions, take the field now, you define us, make us feel proud
In the streets are, exaliftin, every loser in ambition,
Celebration, its around us, every nations, all around us
Singin forever young, singin songs underneath that sun
Lets rejoice in the beautiful game.
And together at the end of the day.
WE ALL SAY
When I get older, I will be stronger
They’ll call me freedom
Just like a wavin’ flag
And then it goes back
And then it goes back
And then it goes back
When I get older I will be stronger
They’ll call me freedom
Just like a wavin’ flag
And then it goes back
And then it goes back
And then it goes
Wooooooooo Ohohohoooooooo ! OOOoooooh Wooooooooo
WE ALL SAY !
When I get older I will be stronger
They’ll call me freedom
Just like a wavin’ flag
And then it goes back
And then it goes back
And then it goes back
When I get older I will be stronger
They’ll call me freedom
Just like a wavin’ flag
And then it goes back
And then it goes back
And then it goes
Wooo hooooo hohohohoooooo
And everybody will be singinit
Wooooooooo ohohohoooooo
And we are all singinit
Shakira - Waka Waka
Oooeeeeeeeeeeeeeeeehh
You're a good soldier
Choosing your battles
Pick yourself up
And dust yourself off
Get back in the saddle
You're on the front line
Everyone's watching
You know it's serious
We are getting closer
This isn't over
The pressure is on
You feel it
But you got it all
Believe it
When you fall get up, oh oh
If you fall get up, eh eh
Tsamina mina zangalewa
Cuz this is Africa
Tsamina mina, eh eh
Waka waka, eh eh
Tsamina mina zangalewa
This time for Africa
Listen to your God
This is our motto
Your time to shine
Don't wait in line
Y vamos por todo
People are raising
Their expectations
Go on and feed them
This is your moment
No hesitations
Today's your day
I feel it
You paved the way
Believe it
If you get down get up, oh oh
When you get down get up, eh eh
Tsamina mina zangalewa
This time for Africa
Tsamina mina, eh eh
Waka waka, eh eh
Tsamina mina zangalewa
Anawa a a
Tsamina mina, eh eh
Waka waka, eh eh
Tsamina mina zangalewa
This time for Africa
Awela Majoni Biggie Biggie Mama One A To Zet
Athi sithi LaMajoni Biggie Biggie Mama From East To West
Bathi . . . Waka Waka Ma Eh Eh Waka Waka Ma Eh Eh
Zonke zizwe mazi buye
Cuz this is Africa
Voice: Tsamina mina, Anawa a a
Tsamina mina
Tsamina mina, Anawa a a
Tsamina mina, eh eh
Waka waka, eh eh
Tsamina mina zangalewa
Anawa a a
Tsamina mina, eh eh
Waka waka, eh eh
Tsamina mina zangalewa
This time for Africa
Django eh eh
Django eh eh
Tsamina mina zangalewa
Anawa a a
Django eh eh
Django eh eh
Tsamina mina zangalewa
Anawa a a
(2x) This time for Africa
(2x) We're all Africa
..:: දියනියකගෙන් මගේ තාත්තට ::..
නිමක් නැති ආදරයක්,
කදුලු කැට ඇහිරෙමින්
ඔබ දෙපා නමදින්න
අවසරයි මට පියතුමනි
විඩාබරම විඩාබර හදවතට
පැන් පොදක් වෙමින් ඔබ
මා නමින් එලිය කරන්නට
ඒ නමින් පදනමක් දමන්නට
ඔබ මට අමා වැස්සකි පියතුමනි
සකල ලොව එලිය කල
පින් කෙතක බල මහිම
හදවතෙහි හොවාගෙන ගෙනයන මේ ගමනේ
ඔබ මට හමුවුයේ කිමද මා නොදනිමි පියාණනි
නමුදු ඔබ මා හදෙහි මිණි පහනවි
හෙට මා දෙනෙතින් මෙ ලොව කල එලිය කරවන්නට
ඔබ දරණ තැන අපමණය කියා මා දනිමි පියතුමණි
ඔබ නමින් ඉපදුනා වු ඒ ආදරය සෙනෙහස
අපමණකැයි කියා පමණක් මා දනිමි පියතුමණි
පෙර පිනක බල මහිම දෝතට රැගෙන
අද ඔබ ලෙයින් නොඉපදුනද දියණියක
වන්නට මා කල පෙර පින කිමද මා නොදනිමි
ඔබ සෙනෙහසක් අපමණකැයි ගෙවන්නට ජිවිතය
පන්නරය ලබන්නට හෙට ඔබ මට විශ්වයටත්
වඩා වටි මගෙ දයාබර පියතුමණි
කාශ්‍යපපුර ප්‍රියදර්ශනී කුමාරි රත්නායක
Thursday, June 3, 2010
..:: වැස්ස ඇති කියල හිතුන දවසක් ::..
මට Royal Park එකට යන්න තිබුන පොඩි වැඩකට.. ඉතින් මම පාන්දර දත කට මැදල එහෙම එලකිරි සුට් එකක් දාගෙන ලැස්ති උනා..
ඔන්න අපි පිටත් උනා..
Royal Park උඩම තට්ටුවේ තමයි අපි වැඩ කරේ එ කියන්නෙ 26 වෙනි ත්ට්ටුවේ.අපිට එලියට එන්න chance එකත් ලැබුන.. මෙ තියෙන්නේ royal park එකේ උඩම තට්ටුවේ ඉදල බැලුවම colombo එක පේන් හැටි.මාර ලස්සනයි මගේ phone එකේ කැමරා එක quality මදි නැත්තම් නියමෙට පෙනවා..

අනේ ටික වේලාවයි අවට සිරි නැර්බුවේ...මෙන්න කොහෙද මන්ද ඉදල අවනෙ වැහි කලුවක්.. අනෙ ඉතින් වෙනද වගේ පොඩ්ඩක් වැහැල නවති කියල හිත හදාගත්ත..
මේ තියෙන්නෙ පොඩි වැහි කලුව..

වැස්ස නෙමෙයි මම හිතුවේ අහස කඩන් වැටුන කියල.. හෙන ගහ ගහ වහිනව.. කරන්න දෙයක් නැ යන්න තැනකුත් නැ නොතෙමි ඉන්න පොඩි තැනල් ලැබුන එතනට වෙලා හිටිය..

පායන පාටක් තිබුනේ නැ. ගෙදර යන්න විදිහකුත් නැ. රැ කැම එකනම් uncle කෙනෙක් ගෙනත් දුන්න.. වැඩෙන්ම් ඉවරයි. කරන්නම දෙයක් නැති පාර royal park එකේම නිදාගන්න තිරණය කරා..
මෙන්න අපි නිදි...
අනේ ඇස් දෙක පියාන නිදාගන්න හැදුවත් හෙන ගහන සද්දෙට නින්දක් නැ..
පොඩ්ඩක් විතර පාන්දර වෙනකොට නින්ද ගියා. උදෙ ඇහැරිල අවට සිරි බලන්න හැදුව.. මලා colombo යට වෙලා.. royal park එක වටේටම වතුර දාලා. හිත හදා ගත්ත අදත් ගෙදර යන්න වෙන එකක් නැ කියල..

අන්තිමට එදා උදෙට කැමත් නැ, දවල්ට කැමත් නැ.. වතුර බැස්සෙත් නැ.. අනේ ඉතින් රැ කැම එකනම් ලැබුන.. පාර යට වෙලා නිසා එදා රැත් royal park ඉදල තමයි ගෙදර ආවේ..

ගෙදර ඇවිත් හොද නින්දක් දැම්ම.. ඉලග දවසේ ඇගේ අමාරුවත් එක්ක හොද ගනන්.. එදානම් හිතුන වැස්ස ඇති කියල..
Sunday, May 30, 2010
..:: පින්බර වෙසක් පොහෝ දිනක් වේවා ::..
Sunday, May 23, 2010
..::: සංගිතයේ වීරයින් :::.. (මොහිදීන් බෙග්)
මොහිදීන් බෙග්
සිංහල සිනමා වංශ කතාවේ මුල් පරිච්චෙදයේ පටන්ම ලියැවි අසෝකමාලා චිත්‍රපටියේ ගායනයෙන් චිත්‍රපට පසුබිම් ගායකයෙකු වශයෙන් ගායන ශේත්‍රයට පිවිසි අල්හාජ් මොහිදින් බෙග් පරම්පරා කිපයක රසික සිත් සැනසු ගායකයෙකී. අන්්‍ය ආගමිකයෙකු උවද බොදු බැති ගී ගැයිමේදි සිංහල බෞද්ධ සිත්තුල බුද්ධාලම්බන ප්‍රිතිය ඇතිවන අයුරින් ඒවා ගායනය කිරිමේ හැකියාවක් ඔහු තුල පැවතුනි. මොහු විසින් ගායනය කරන ලද භක්ති ගීත ප්‍රමාණයද අන් සිංහල බෞද්ධ ගායකයෙකුගේ මුවින් නොගැයු තරම්ය. සිංහල සංගිතයේ ගාම්බීර කටහඩක් හිමි ගායකයෙකු වන මොහිදීන් බෙග් 1991 නොවැම්බර් 40 දින අපෙන් සදහටම වෙන් විය..
Thursday, May 20, 2010
..:: සිතින් අදිනවා ආපසු යන්න නොදි ::..

සිතින් අදිනවා ආපසු යන්න නොදි.
ඇස් දෙකින් අදිනවා වාගෙයි අහින්සකී.
යන්නම ඔනැ වි නම් මගෙන් මිදි.
කෙටි පනිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී.
දුරත් දුකක් අමුනාගෙන එක නුලේ.
ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ.
බිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේ.
හිතත් මලත් මට නුබ විතරයි වාගේ.
හදාගන්න හිත කිරිල්ලෛයක් අලුතෙන්.
සොයා ගන්න තුරු ඉන්නවාද රහසින්.
තරු සිදුරක් නැහැ අහසට සදු ඇවිදින්.
මගේ සිත ආයේ කොතැනද අලුත් ඉඩක්.
ගායනය : චන්දන ලියනාරච්චි
Monday, May 17, 2010
..:: මගේ තාත්ත ::..

(මට වයස අවුරුදු 4 දි..)
මගේ තාත්තට මේ ලෝකේ ඔනම දෙයක් කරන්න පුලුවන්.. දන්නවද..??
(මට වයස අවුරුදු 5 දි..)
මගේ තාත්තනම් ඕන දෙයක් දන්නව..
(වයස අවුරුදු 6 දි..)
ඔගොල්ලන්ගෙ තාත්ත වගේ නෙමේයි, අපේ තාත්ත හරිම දක්ෂයි. එයා හරි උසස් කෙනෙක්..
(වයස අවුරුදු 8 දි..)
අපේ තාත්ත හැම දෙයක් ගැනම හරියටම දන්නැ වගේ මට හිතෙන්නේ..
(වයස අවුරුදු 10 දි..)
අපේ තාත්තලගේ කාලේ මේ හැම දෙයක්ම දැන් වගේ දියුණු නැ..
(වයස අවුරුදු 12 දි..)
අපෝ !! එක අමුතු දෙයක් දැයි.. තාත්තට ඒව මුකුත් තේරෙන්නැ. එයට දැන් එයාගෙ පුංචිකාලේ මතකවත් නැතුව ඇති..
(වයස අවුරුදු 14 දි..)
එයව ගනන් ගන්න එපා මචං, එයාට හණමිටි අදහස් තියෙන්නේ..
(වයස අවුරුදු 21 දි..)
අපේ තාත්ත, එයා පිස්සුවෙන් දොඩවන්නේ, දැන් කාලේ ඒ පිස්සු ගැලපෙන්නැ..
(වයස අවුරුදු 25 දි..)
තාත්ත ටිකක් විතර ඒ ගැන දන්නව. මොකද එයා හුගක් කල් එවත් එක්ක වැඩ කලානේ..
(වයස අවුරුදු 30 දි..)
තාත්තගෙන් ඇහුවොත් හොදයි වගේ.. මොනව උනත් තාත්තට හුගක් අත්දැකිම් තියනවනේ..
(වයස අවුරුදු 35 දි..)
අපෝ.. මමනම් ඔය වැඩේට අතගහන්නැ, තාත්තගෙන් අහල බලල මිසක්..
(වයස අවුරුදු 40 දි..)
මට හිතාගන්න බැහැ තාත්ත කොහොමද මේවට මුහුණ දුන්නෙ කියල.. තාත්ත හරිම කල්පාකාරි කෙනෙක්නේ.. ඔන ප්‍රශ්ණයක් විසදන නිවැරදිම විදිහ තාත්ත දන්නව..
(වයස අවුරුදු 50 දි..)
තාත්ත හිටියනම් දෙයියනේ..!!
Saturday, May 8, 2010
..:: මගේ අම්ම වගේ ::..
එහෙම කියල මම කියවපු නවකතා පොතක තිබුණා. පොතේ නම "භාවනාව".. මමත් කලින නවකතා කියවපු කෙනෙක නෙමෙයි, මටත් පුරුදු කරේ මගේ හිතවත්ම අක්ක කෙනෙක්. හැබැයි ජිවිතය කියන්නේ නවකතාවක් නෙමෙයි කියල එයාමයි මට කියල දුන්නේ.. එයා මගෙ ජිවිතයේ සමහර දේවල් වෙනස් කරා (එයා නිසා වෙනස් උනා වෙන්නත් පුලුවන්), නරකට නෙමෙයි හොද පැත්තට, හරියට මගේ අම්ම වගේ.. ඒ වගෙ අය හැමදාම අපිත් එක්ක ඉන්නවනම් අපේ ජිවිත ගොඩක් ලස්සන වෙයි නේද..? ඒ වගේම එයලගේ ජිවිතත් ඉටත් වැඩිය ලස්සන වෙන්න කියල මම හැමදාම ප්‍රාර්තනා කරනව..
ඇත්තටම මම බ්ලොග් ලියන්න අලුතින් එක් උන කෙනෙක්, එත් මම මෙකට ගොඩාක් කැමතියි.. මොකද වක්කඩේ කැඩුව වගෙ අපේ හිතේ තියන ඔක්කොම දේවල් නිදහසේ ලියන්න පුලුවන් නිසා..
2010 අප්‍රෙල් 09 වෙනිද ලෝක මවු වරුන්ගේ දිනය තිබුනේ එද පොස්ට් එකක් දානන් බැරිඋන එකට ගොඩක් දුකයි.. "මගේ අම්ම තමයි ලෝකේ ඉන්න හොදම අම්ම", හැමෝම හිතන්නේ එහෙම නේද? අපේ අම්ම ඉටත් වැඩිය හොදයි.. දසමාසයක් කුසේ තියාගෙන දුක වින්දට වැඩිය දුක් විදින්නැති මේ අවුරුදු 22 හදන්න.. අම්මේ මම අම්මට ගොඩක් අදරේයි.. එක මම මුලු ලොකේටම කැගහල කියනව..
Friday, May 7, 2010
..:: නුබ දුරයි - බොහෝ දුරය ::..
Thursday, May 6, 2010
දිග වැඩි නම් කොට කරමු.. (TK)
යළුවනේ මෙන්න එලකිරි වෙබ් සයිට් එකක් හම්බ උනා..
මෙක අපි බ්ලෝග් අඩවිවලට දාන දිග නම් වෙනුවට කොට නමක් දාගන්න පුලුවන් සයිට් එකක්. එ විතරක් නෙමෙයි ඩොමේන් නෙම්ද දන්සලක් වගෙ නොමිලේම ලබාදෙයි. තවත් දේවල් තියනව. TK සයිට් එකෙන් දෙන ඉ-මේල් ලිපින වැඩ කටයුතු කිපයකට භාවිතා කරල අක්‍රිය කරන්නත් පුලුවන්..
මෙන්න සයිට් එක.. www.dot.tk
Monday, May 3, 2010
සුභ දවසක් වේවා..!!
Wednesday, April 28, 2010
..:: රැ.. සිහිනෙන් ::..
රැ.. සිහිනෙන් ඔබ ලග මා සැතපෙනවා..
මා... සැබැවින් ඔබ ගැන සිත ලතවෙනවා..
මේ බැදුනු සෙනේ කෙදිනද මා පවසනේ.
ආ..දරිය කියා කෙලේසද මා අමතන්නේ.
අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ...
ඈ සනසවමින් ගී වැල් ගයමී මෙමා.
ඒ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්.
කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ..
Sunday, April 25, 2010
..::: සංගිතයේ වීරයින් :::.. (ගුණදාස කපුගේ)
ගුණදාස කපුගේ
යළුවනේ ගුණදාස කපුගේ කියන්නේ මගේ ආසම ගායකයෙක් එතුම අප අතරින් වෙන් වුනේ මෙවැනි අප්‍රියල් මාසයක. එ නිසා මම එතුමා ගැන පුංචි ලිපියක් පල කරනන් හිතුව.
හැත්තැව දශකයේ මුල භාගයේ දි ගුවන් විදුලි සරල ගී ශිල්පියකු වශයෙන් ගායන ක්ෂේත්රයට පිවිසි ගුණදාස කපුගේ ගායකයනන් ජනප්‍රියත්වය කරා වේගවත් ගමනක් පැමිණි අයෙකි.
ජනතාවදි ගායකයෙකු ලෙසින් පිඩිත ජනතවගේ විමුක්ති අරගලය උදෙසා සිය "කම්පන" නම්වු සන්ගීත සමදිය තුලින් විශාල මෙහෙයක් කල කපුගේ ගායකයනන් උගත්-නුගත්, උස්-පහත්, නාගරික-ගැමි ආදි භෙදයකින් තොරව සැමගේ ජනප්‍රිය ගයකයා බවට පත්විමට තරම් භගයවන්ත විය. පුරා දශක තුනක කාලයක් ශ්‍රි ලාන්කික රසිකයින්ගේ රස භාවය වෙනුවෙන් ගී ගැයු ඔහු 2003 අප්‍රේල් මස 03 වෙනිදා අප අතරින් වියෝ සදහටම වෙන්විය..
ඔබ වැනි ගයකයින් සදා අමරණියයි..
Saturday, April 24, 2010
..::: YouTube 5 වෙනි ජන්මදිනය :::..
YouTube ට අවුරුදු 5ක් සම්පුර්ණ මෙ මාසේ. YouTube 2005 පෙබරවාරි මාසයෙ අරම්භ කරත් පලමුවැනි Video එක Upload කරේ 2005 අප්‍රේල් 23 වෙනිද.
එකේ නම තමයි "Me at the zoo". තප්පර 18 Clip එකක්. අද වෙනකොට මෙ clip එක 2,162,419 දෙනෙක් බලල තියනවා..
මේ තියෙන්නෙ ඒ clip එක...
YouTube අරම්භය....
Wednesday, April 21, 2010
..:: කැවුම් කන්න ආස අයට ::..
බලන්න අවුරුදු කැම මේසෙ ලස්සන.. මෙව හදල තියෙන්නෙ පානදුරෙ අම්ම කෙනෙක්.. බලන්න එ අම්මට කොච්චර නිර්මණශිලි හැකියවක්ද තියෙන්නෙ කියල..
මොකක් වගෙද පේන්නෙ ඔයලට..?? ඔව් මෙක කැවුමක් අඩි 3 ක් උසයි. මෙක හැදුවෙ කොහොමද කියලනම් දන්නැ.
මේ කැවුම් හැදුවෙ කොහොමද කියලනම් මට හොයාගන්න බැරිවුනා. මට මෙව දුන්නෙ මිඩියා එකෙ ඉන්න මගෙ යාලුවෙක්.
කොහොමද මෙව කන්න තිබුනනම්.. මරු නේද..??
ඔයලගේ අදහස් දක්වනවනම් එක මට ලොකු ශක්තියක්..!!
Tuesday, April 20, 2010
(@_@) සුබ දවසක් ::..

ස්තුතියි..
මැක්ස්කසුන්@යාහු.කොම්
Tuesday, April 13, 2010
සුභ අලුත් අවුරුද්ද වෙවා..!!
14-04-2010 කරදර ජරමර නැති එලකිරි වගේ සුභ
සතුට සාමය පිරුණු කිරියෙන් පැනියෙන් උතුරන
ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්ද වෙවා..!!
Saturday, April 10, 2010
Rabne Banadi Jodi ..:: දෙවියන් මැවු යුවල ::..

මෙ ෆිල්ම් එක ඔයාල බැලුවද? මම බලපු ලස්සන ආදර කතාවක් මෙක.. ෆිල්ම් එකෙ රගපන්නෙ ශාරුක්ඛාන් සහ අනුශ්කා යන නිලිය. මෙහි ශාරුක්ඛාන් "සුරෙන්දර්" ලෙසත් අනුශ්කා "තානි" ලෙසත්ය..
සුරෙන්දර් විවහ වන්නේ තම ගුරුවරයාගෙ දුව වන තානි වය. ඈය මෙම් විවහයට එතරම් කැමැත්තක් නොදක්වයි. නමුත් සුරෙන්දර් ඈයට ගොඩක් ආදරය කරයි..
අන්තිමට සුරෙන්දර්ගෙ ආදරය ඈය තෙරුම් ගනි.. සුරෙන්දර් ඈයට මෙතරම් අදරෙ බව දැන ඈයත් සුරෙන්දර් ට ගොඩක් ආදරය කරයි..
මෙක බලන්නම ඔන ෆිල්ම් එක්ක්...
මෙ වගෙ අදරය කරොත් කෙල්ලන්ට පිස්සු හෙදෙයි..
මෙන්න එකෙ සොන්ග් එක්ක්.. බලන්න...
"Thani Patner.. Hamhe rahi payar he.. Fir milenge.. Chalthe Chalthe..."
Aao Wish Karen ..:: එන්න පැතුමක් ඉල්ලන්න ::..

අද නම් මම ඔයාලට අරගෙන ආවෙ හින්දි චිත්‍රපටයක්. මේක පොඩි ළමයෙක් දකින ලස්සන හීනයක් ඇත්ත වෙන කතාවක්. කතාවෙ පොඩ්ඩක් මම කියන්නම්කො මේ කතාවෙ ඉන්නව අවුරුදු 12ක පොඩි පිරිමි ළමයෙකුයි ඒ වගේම අවුරුදු 21ක ගැහැණු ළමයෙකුයි. මේ පොඩි පිරිමි ළමය අර ගැහැණු ළමයට ආදරය කරනවා. ඒ පිරිමි ළමයගෙ ලොකුම හීනය තමයි අර ගැහැණු ළමය එක්ක යාලු වෙන එක. ඒත් මේ පොඩි ළමයට ඒ දේ කරන්න බැහැනෙ. මොකද ඒ පිරිමි ළමය පොඩියිනෙ. ඒ වුනත් මේ ළමය දකින එකම හීනය තම එයා ආදරය කරන ළමයව යාළු කර ගන්න එක. ඒ ළමයා දකින හීනය සැබෑ කරගන්න උදව් කරන්නෙ සුරදූතයෙක්. ළමයගෙ හීනය සැබෑ වුනත් ළමයට ලොකු කරදර ගොඩකට මුහුණ දෙන්න වෙනව. ඒ මොනවද ප්‍රශ්ණ කියල ඔයාලම බලන්නකෝ